Powered By Blogger

Sunday, October 12, 2014

Batch Files වලින් වැඩ ගමු- 1 කොටස


18617




කාලෙකට පස්සෙ BLOG එක ආයෙත් සක්රිය කරන්න පටන් ගත්ත හින්ද මමත් හිතුව POST එකක් දාන්න. මුලින්ම මේ මාතෘකාව ගැන සරල හැඳින්වීමක් බලමු.
අපි අපේ පරිගණකයේ එක එක වර්ගයේ Software භාවිතා කරනවනෙ. මේ Software වලින් අපි විවිද වැඩ කරගන්නව. ඉතින් මේ හැම එකකම අපි කරන්නෙ පරිගණකයට විවිධ විධාන(Command)  දෙන එක.  අපිටත් පුලුවන් අපිට ඕන විදියට පරිගණකයට විධාන දෙන්න පොඩි වචන කීපයකින්.
මුල්ම පරිගණක වල මෙහුයුම් පද්දති ආවෙ MS DOS වලින්.   කියන්නෙ Microsoft Disk Operting System.  DOS ගැන මූලික දැනුමක් ලබා ගන්න ඕනෙනම් මෙතන ”MS DOS ගේමක් නෑ ”  ලිපිය බලන්න.

දැන් බලමු මොනවද මේBatch Files  කියන්නෙ කියල. ඔයාල  Command Prompt (Start Menu->RUN->Type ‘cmd’->OK) එක Open කරල එක එක Key Words මඟින් පරිගනකයට විධාන දෙන්න දන්නවනෙ. කලින් කියපු link බැලුවනම් ඒක තේරෙයි. cmd එකෙදි අපි එක එක විදාන වෙන වෙනම දෙන්න ඕනෙ. ඒත් මේ Commands ගොඩක් එක දිගට දෙන්න පුලුවන් Batch Files මඟින්.






ScreenShot002



Batch Files භාවිතා කිරීමේ වාසි ගොඩක් තියෙනව.
·         කුඩා වචන කිහිපයකින් වැඩ ගොඩක් කිරීමේ හැකියාව
·         අපිට අවශ් විදියට පරිගණකය හැසිරවීමේ හැකියාව.
·         දිගු ක්රියා දාමයක් එක් විධානයකින් ලබා දීමට හැකිවීම
මේ වගේ වාසි ගොඩාක් තියෙනව මේ Batch Files වල.
උදාහරණයක් වශයෙන් අපිට පුලුවන් පරිගණකයට Pen මඟින් එන Virus නැති කරන්න Batch Files එකක් භාවිතා කරල.
මුලින්ම බලමු Batch Files එකක් ලියන හැටි.
1) පරිගණකයේ සුදුසු තැනකට ගිහිල්ල  Right Click  කර New->Text Document කරන්න.
2) දැන් File  එක Open කරගන්න.




ScreenShot001




දැන් Commands ලියන්න පටන් ගමු.
මුලින්ම මෙහෙම Type කරන්න
@echo This is my First Batch File
@pause
දැන් Note Pad එකේ File->Save As ගිහින් MyFirstBatch.bat  ලෙස Type කර Save As Type : All Files  ලෙස ලබා දෙන්න.




ScreenShot003




දැන් ඔයාලගෙ අලුත් Text Document  එකක් හදපු තැනට ගිහින් බැලුවොත් MyFirstBatch ලෙස File එකක් ඇති. ඒක Double Click කරල බලන්න



ScreenShot004





මේක DOS වල සරලම Command එකක්. අපි බලමු මේ Commands මොනවද කියල.
අපි ‘@’ කියල දාන්නෙ Command line එක පෙන්නන්න එපා, වුනාට Command එක Run කරන්න කියල. ඔයාල මේ ටිකම ‘@’ අයින් කරල  Save කරල Run කරල බලන්න්කො.
ඊලඟට ‘echo’ කියන්නෙ Screen එකේ print වෙන්න ඔන දෙයක්, ඒත් Command එකක් නෙවේ කියල.
අන්තිමට ‘pause’ කියන්නෙ එතනින් Commands නවත්තන්න කියල. මේක Type කරල බලන්න.
@echo           ###########################
@echo           This is my first Batch File
@echo           ###########################
@echo Paused
@pause
@echo Resumed
@pause





ScreenShot005





මේ ව්ගේ අපිට මෙBatch File වලින් Delete, Copy, Search, Format වගේ ගොඩාක් දේවල් කරන්න පුලුවන්. සරල  Software හදන්නත් පුලුවන්.
ඊල්ඟ Post එකෙන් අපි මේකෙ වැඩ කෑලි ටිකක් බලමු. එතකන් අත් හදා බැලීම් කරන්නකෝ.
අවුලක් තියෙනවනම් කියන්න.


No comments:

Post a Comment

Leveraging AI Tools:

Title: Leveraging AI Tools: A Path to Earning Money in the Digital Age Introduction: In today's digital age, artificial intelligence (AI...